Wednesday, November 3, 2021

සරසවි විවෘත කරනු! සිසුජන නායකයින් නිදහස් කරනු! ජපුර සිසුන් විරෝධතාවක.


සරසවි විවෘත කරනු! සිසුජන නායකයින් නිදහස් කරනු! ජපුර සිසුන් විරෝධතාවක.

ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමය විසින් ඊයේ (02) විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී. ඒ වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා ඇති සරසවි වහා විවෘත කරන ලෙසත්, දින සියයකට අධික කාලයක් තිස්සේ සිරගත කර සිටින අ.වි.ශි.බ.ම කැඳවුම්කරු, ජ'පුර ම.ශි.ස සභාපති ඇතුළු සිසුජන ව්‍යාපාරයේ නායකයින් වහා නිදහස් කරන ලෙසත් බල කරමිනි. මීට අමතරව සිසුන් මතු කළේ නේවාසිකාගාර ප්‍රමාණවත් නොවන බවත්, වෙනදා ⁣බෝඩිං නිවෙස්වල නතර වී සිටි සිසුන්ට වසංගත තත්ත්වය නිසා බෝඩිං නොලැබීම නිසා බරපතල ගැටලුවක් ඇති ව තිබෙන බවත්ය. වසා දමා වසර දෙකකට ආසන්නන කාලයක් ගතවී ඇතත් විශ්වවිද්‍යාලය විවෘත කිරීම සඳහා පාලකයන්ට කිසිඳු සැලැස්මක් හෝ මෙතෙක් ඒ සඳහා කිසිඳු  සූදානමක් හෝ නැත. උද්ඝෝෂණයේ අවස්ථා පහත දැක්වේ.













No comments:

Post a Comment