Tuesday, November 2, 2021

LNG බලාගාරය විකුණා බලශක්තිය පිළිබඳ ස්වාධිකාරයත් අධිරාජ්‍යවාදීන්ට නොදෙනු! අ.වි.භි.බ.ම


LNG බලාගාරය විකුණා බලශක්තිය පිළිබඳ ස්වාධිකාරයත් අධිරාජ්‍යවාදීන්ට නොදෙනු! භික්ෂු අන්තරේ අගමැති හමුවට...

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ඊයේ (01) අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගියේය. ඒ අගමැති මහින්ද රාජපක්ෂ වෙත සංදේශයක බාරදීමේ අරමුණෙනි. කෙසේ වෙතත් පිරිසට අගමැති හමුවීමට නොහැකි වූ අතර සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත වීරසිංහ සමඟ සාකච්ඡා කොට සංදේශය භාර දෙන ලදී.

අ.වි.භි.බ.ම මෙම සංදේශය අගමැති වෙත යොමු කරන්නේ කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරය ඇමරිකාවේ නිව් ෆෝට්රේස් එනර්ජි සමාගමට විකිණීමට එ⁣රෙහි වෙමිනි. රජය පවසන්නේ බලාගාරයෙන් 40% ක් පමණක් අදාළ සමාගමට ලබාදෙන බවයි. නමුත් එම 40% තුළ මෙහෙයුම්, සැපයුම්, ගබඩා පහසුකම් ඇතුළු සංවේදී සියලුම පද්ධතීන් ඇතුළත්ව තිබෙන බව අ.වි.භි.බ.ම පෙන්වා දෙයි. ඇමරිකාව, චීනය ඇතුළු අධිරාජ්‍යවාදී අතපෙවීම් සිදුකරන රටවල් ආසියාකරයේ යුධ, දේශපාලන, ආර්ථික බලය වෙනුවෙන් පොරයක පැටලී සිටින අතර රටේ ආර්ථික, දේශපාලන වශයෙන් වැදගත් මර්මස්ථාන ආණ්ඩුව ඔවුන්ට මාරුවෙන් මාරුවට විකුණමින් සිටින බවට ඔවුන් චෝදනා කරයි. සහල්, කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට මිල නියම කිරීමත් අද වන විට බහුජාතික සමාගම් වෙත භාර වී ඇති අතර ආණ්ඩුවට සිදුකළ හැකි කිසිවක් නොමැති වී තිබේ. මෙම LNG බලාගාරය විකිණීමෙන් සිදුවන්නේ බලශක්තිය පිළිබඳව ස්වාධිකාරයත් බහුජාතික සමාගමක් වෙත විකුණා දැමීමයි. එහෙයින් නිව් ෆෝට්රේස් එනර්ජි සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම වහා හකුළාගන්නා ලෙසත් නැතහොත් සියලු බගවේග ඒකාබද්ධ කරගනිමින් අරගලයක් දියත් කරන බවත් අ.වි.භි.බ.ම අවධාරණය කරයි. අගමැති වෙත යොමු කළ සංදේශය පහත දැක්වේ. 




No comments:

Post a Comment