Thursday, September 23, 2021

කොතලාවල පනතට - මර්දනයට එරෙහිව අන්තරේ TNA හමුවෙයි!


කොතලාවල පනතට - මර්දනයට එරෙහිව අන්තරේ TNA හමුවෙයි!

කොතලාවල පනතට - මර්දනයට එරෙහිව දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ ක්‍රියාමාර්ගය යටතේ අ.වි.ශි.බ.ම අද දෙමළ ජාතික සංධානය (TNA) සමඟ සාකච්ඡා කරන ලදී. සාකච්ඡාව සඳහා එම පක්ෂය නියෝජනය කරමින් සුමන්තිරන් සහ ශානික්කියක්කම්  රාසමානික්කම් මන්ත්‍රීවරුන් සම්බන්ධ විය.  

පක්ෂයක් ලෙස තමන් නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පනතට විරෝධය ප්‍රකාශ කර ඇති බවත්, එයට එරෙහිව  අරගල කළ සිසු - කම්කරු නායකයන් නිදහස් කරන ලෙස සිදු කරන අරගලයට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කරන ලදී.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට සිවිල් සිසුන් බඳවාගැනීමේ රජයේ උපක්‍රමික ප්‍රවේශය පිළිබඳව තමන් දැනුවත් බවත්, එය ප්‍රතික්ෂේපිත කොතලාවල පනත සම්මත කරගැනීමට ආණ්ඩුව දරන වෙනත් උත්සාහයක් බවත් එම වැඩපිළිවෙළ මුළුමනින්ම හෙලා දකින බවත් තවදුරටත් ඔවුන් විසින් සඳහන් කරන ලදී.

No comments:

Post a Comment