Thursday, September 23, 2021

රුහුණ සරසවියේ මිලිටරි පන්නයේ පාලනයක්!


රුහුණේ ශිෂ්‍ය මර්දනය ගැන වාර්තාවක් අධ්‍යාපන ඇමතිට!

 සුජීව අමරසේන උපකුලපතිවරයා විසින් රුහුණ විශ්වවිද්‍යාලය තුළ ගෙන යනු ලබන ශිෂ්‍ය, ආචාර්‍ය, අනධ්‍යයන සේවක මර්දනය සහ දැඩි අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව අන්තර් විශ්වවිද්‍යායීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට මර්දන වර්තාවක් ඊයේ (9/22) භාරදෙනු ලැබීය.

පසුගිය වසර 03ක පාලන කාලය තුළ සුජීව අමරසේන උපකුලපතිවරයා ගෙන ගිය මර්දනකාරී වැඩපිළිවෙලෙහි සාරාංශයක් එම වාර්තාවේ ඇතුළත්ය.

ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, වසර 2ක ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, නේවාසිකාගාර තහනම් ඇතුළු මර්දන අවස්ථා 216 ක් පමණ මේ වන වට රුහුණෙන් වාර්තා වී තිබේ. එසේම සිසුන් එකතු වී කරන සියලු කටයුතු තහනම් කර ඇති බවත් cctv කැමරා සවිකර සිසු නිදහස සීමාකර ඇති බවත් සිසුන් චෝදනා කරයි. ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන් පවා මෙම මර්දනයෙන් ගැලවී නොමැති අතර විවිධ හේතු කියමින් ඔවුන් විනය පරීක්ෂණවලට හා වැඩ තහනමට ලක් කර තිබේ.

එම නිසා රුහුණ විශ්වවිද්‍යාලය භාෂණයේ නිදහසවත් නොමැතිව මිලිටරී ආකෘතියකට  පාලනයවන ආයතනයක් බව ශිෂ්‍යයන්ගේ අදහසයි.





No comments:

Post a Comment