Thursday, September 9, 2021

කොතලාවල පනතට, මර්දනයට එරෙහිව විරෝධතා රැලි මාලාවක්!


කොතලාවල පනතට, මර්දනයට එරෙහිව විරෝධතා රැලි මාලාවක්!


අධ්‍යාපනය විකුණන, මිලිටරිකරණය කරන කොතලාවල පනතට එරෙහිව විරෝධතා රැලි මාලාවක් විශ්වවිද්‍යාල මට්ටමෙන් පැවැත්වීමට අ.වි.ශි.බ.ම හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය කටයුතු සංවිධානය කරමින් සිටියි. සැප්. 12 දින සිට රැලි පැවැත්වීම ආරම්භ කිරීමට නියමිතය. 

1. සැප්.12 - රජරට සරසවිය

2. සැප්. 13 - ජ'පුර සරසවිය

3. සැප්. 14 - වයඹ සරසවිය

4. සැප්. 17 - අග්නිදිග සරසවිය

5. සැප්. 18 - කැලණිය සරසවිය

6. සැප්. 19 - නැගෙනහිර සරසවිය

යන ස්ථානවල සහ දිනවල දැනට රැලි පැවැත්වීමට නියමිතය. මෙයට අමතරව වෘත්තීය සමිති, බහුජන සංවිධාන මට්ටමෙන් සාමාජිකයන් එකතු කරමින් රැලි, සම්මන්ත්‍රණ, දැනුවත් කිරීම් වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක වෙයි. ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් සැප්.12 දින සවස 05 ට සම්මන්ත්‍රණයක් සූදානම් කර තිබේ. 

සිසුජන නායකයින් මර්දනය කරමින්, කල් මරමින් සහ සංශෝධන ඉදිරිපත් කරමින් ආණ්ඩුව කොතලාවල පනත ඉදිරි දිනකදී සම්මත කරගැනීමේ කූඨ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ අනුව දැනටමත් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසුජන ව්‍යාපාරයේ නායකයින් 05 දෙනෙකු සිරගත කර තිබෙන අතර ඔවුන් බන්ධනාගාර තුළදී වසංගතයට ගොදුරු වීමට ඉඩහැර තිබේ. මෙම මර්දනකාරී රාජ්‍ය වැඩපිළිවෙළ පරාජය කිරීමත්, කොතලාවල පනත පරාජයට පත් කිරීමත් උදෙසා වූ අරගලයට බලවේග සංවිධානය කිරී⁣ම මෙම රැලි මාලාවේ අරමුණයි. 



No comments:

Post a Comment