Thursday, September 9, 2021

කොතලාවල පනතට - මර්දනයට එරෙහි අරගලයට පූර්ණ සහයෝගය දීමට සූදානම්! එක්සත් සමාජවාදී පක්ෂය

 


කොතලාවල පනතට - මර්දනයට එරෙහි අරගලයට පූර්ණ සහයෝගය දීමට සූදානම්!
එක්සත් සමාජවාදී පක්ෂය 


කොතලාවල පනතට - මර්දනයට එරෙහිව දේශපාලන පක්ෂ දැනුම්වත් කිරීමේ ක්‍රියාමාර්ගය යටතේ අ.වි.ශි.බ.ම හා සිසුජන ව්‍යාපාරය අද (09) එක්සත් සමාජවාදී පක්ෂය සමඟ සාකච්ඡා කරන ලදී.

කොතලාවල පනතට එරෙහිව පසුගිය 03 වන දින පාර්ලිමේන්තු වටරවුමේ දී පවත්වන ලද විරෝධතාවය හේතුවෙන් ආණ්ඩුව මේ වනවිට ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා කම්කරු නායකයින් දඩයම් කරමින් සිටී. අද වනවිට සිසු කම්කරු නායකයින් 05 දෙනෙකු අත්අඩංගුවට රැගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර මසකට වඩා කල් ගතව ඇතත් ඔවුන්ට ඇප ලබා නොදී බන්ධනාගාර තුළ රදවා තබා ගැනීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව කටයුතු කරමින් සිටී. 

වත්මන් ආණ්ඩුව මැදිහත් වී සිදුකරනු ලබන මෙම මර්දනය පිළිබඳව දැනුවත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය එක්ව දේශපාලන පක්ෂ දැනුම්වත් කිරීමේ ක්‍රියාමාර්ගය යටතේ අද (09) දිනයේදී එක්සත් සමාජවාදී පක්ෂය හමුවිය.

එහිදී මෙම මර්දනයට එරෙහිව ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ගේ පක්ෂය ලෙස ගත හැකි විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එසේම ඉදිරියේදී මෙම මර්දනයට එරෙහිව සියලු ප්‍රගතිශීලී බලවේග එකතු කරගනිමින් සිදුකිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන ලදී.

කොතලාවල පනතට හා මර්දනයට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ අනෙකුත් දේශපාලන පක්ෂ හමුවීම් සඳහා සිසුජන ව්‍යාපාරය විසින් කටයුතු කරනු ලැබේ.






No comments:

Post a Comment