Saturday, September 11, 2021

පොදු දේපල පනතින් චෝදනා ලැබූ දත්ත හොරුන්ට ඇප! සිසුජන ක්‍රියාකාරීන් හිරේ...


පොදු දේපල පනතින් චෝදනා ලැබූ දත්ත හොරුන්ට ඇප! සිසුජන ක්‍රියාකාරීන් හිරේ...

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ඇතැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නිලධාරියාට අධිකරණය ඇප නියම කර තිබේ. දත්ත ගබඩාවක් පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද කල්පගේ මෙලෙස ඇප මත මුදා හැර ඇත.

මොහුට අදාළව ⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර තිබුණේ පොදු දේපල පනතෙනි. පොදු දේපල විනාශ කිරීම ඇප ලැබිය නොහැකි වරදක් බව අ.වි.ශි.බ ම කැඳවුම්කරු ඇතුළු සිසුජන ක්‍රියාකාරීන් අත්තඩංගුවේ තබාගැනීම සඳහා ආණ්ඩු⁣වෙන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයයි. ඖෂධ නියාමන අධිකාරියේ මකා දැමූ දත්ත සඳහා වටිනාකමක් නියම කිරීම කළ නොහැක්කකි. ඒවා ජනතාව සතු විය යුතු තොරතුරුය. වසංගතයක් පැතිරෙන මොහොතක, ඖෂධ මිල ගණන් ඉහළ ගොස් තිබෙන මොහොතක ඖෂධ නියාමන අධිකාරියේ දත්ත විනාශ කිරීම සුළුපටු චෝදනාවක් නොවේ. නමුත් ආණ්ඩුව එය කාඩ්බෝඩ් පෙට්ටියක් පිළිස්සීම තරම්වත් ගණන්ගෙන නැත. කාඩ්බෝඩ් පෙට්ටියක් පාර මත තබා පිළිස්සීම නිසා පොදු දේපලකට හානි වූවා යැයි කියමින් කොතලාවල පනතට එරෙහි අරගලයේ නිරත වූ සිසුජන ක්‍රියාකාරීන් ඇප නොදී දැන් මසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරගෙන සිටී. මෙරට නීතිය ආකාර දෙකකින් ක්‍රියාත්මක වන බවට මෙම සිදුවීම තවත් එක් නිදසුනකි.

මේ පිළිබඳව ප්‍රශ්න කරමින් අ.වි.ශි.බ.ම ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවන ලදී. එහි සබැඳිය පහත දැක්වේ.

https://www.facebook.com/175313902573851/posts/3942477679190769/

https://fb.watch/7Y8QcTnuRo/https://fb.watch/7Y8QcTnuRo/




No comments:

Post a Comment