මර්දනයට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් සහය පල කරයි!
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය ඊයේ (10) ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 06ක් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. ඒ කොතලාවල පනතට එරෙහිව සිදුකරන අරගලය හේතුවෙන් සිසුජන ව්‍යාපාරයේ සාමාජිකයන්ට එල්ල වී ඇති මර්දනය පිළිබඳවයි. සාකච්ඡාව සඳහා පහත මානව හිමිකම් සංවිධාන සහභාගී විය.
1. Human Rights Watch
2. Frontline Defendrs
3. International Federation for Human Rights
4. Sri Lanka Campaign for Peace and Justice
5. FORUM-ASIA
6. South Asians for Human Rights
නිරෝධායන නීති භාවිතා කරමින් සිසු, කම්කරු අරගල මර්දනය කිරීමට ආණ්ඩුව ප්‍රවේශයක් ගත් අතර දැන් ඒ සඳහා පොදු දේපල පනත වැනි නීති ද යොදාගනිමින් තිබෙයි. අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසුජන ක්‍රියාකාරීන් පස් දෙනෙකු ඇප නොදී සිරගත කරගෙන සිටින්නේ ව්‍යාජ චෝදනා නගා අනීතිකව වන බව පැහැදිලිව දිස්වන කරුණකි. සිතාමතාම බන්ධනාගාර තුළදී ඔවුන් වසංගතයට ගොදුරු කර ඇති බව ද සාධක සහිතව පෙන්වාදිය හැකිය. වසන්ත, අමිල, චමීර සහෝදරවරුන්ට බන්ධනාගාරය තුළදී කොව්ඩ් ආසාදනය වූ අතර මේ වන විට ඔවුන් රැඳවුම් මධ්‍යස්ථාන 04 ක වරින්වර රඳවා තබාගෙන තිබේ. කෝෂිලා හංසමාලි සහෝදරියද උණ රෝගයක් වැළදී අසාධ්‍ය වී සිටි අතර ඊයේ (10) වෛද්‍යවරයෙක් පැමිණ පරීක්ෂා කළේ අසනීප වී දින 05ක් පමණ ගතවූ පසුවය. ඇයට අවශ්‍ය ඖෂධ කිසිවක් ලැබී තිබුණේ නැත. මෙම කරුණු සම්බන්ධයෙන් මෙන්ම අගෝ.03 සිසුජන උද්ඝෝෂණයට සහභාගී වූ වෘත්තීය සමිති නායකයින්, සිසු නායකයින් ඉලක්ක කරගෙන සිදුකරන මර්දන ක්‍රියාවලිය සම්බන්ධවත් කරුණු සාකච්ඡා කෙරිණි.
සියලු මානව හිමිකම් සංවිධාන මේ සඳහා උනන්දුවන බවත්, ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසීම් සිදුකරන බවත්, අවශ්‍ය සියලු සහයෝගය මේ වෙනුවෙන් ලබාදෙන බවත් ප්‍රකාශ විය.
No comments:
Post a Comment