සිසුජන නායකයින් සිරගත කිරීම අනීතිකයි! ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් ඊයේ (10) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. ඒ කොතලාවල පනතට හා මර්දනයට එරෙහිව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයට සමගාමීවය. මෙම සාකච්ඡාව සඳහා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා, වෘත්තීය සමිති නායක උදේණි දිසානායක ඇතුළු පිරිසක් සම්බන්ධ විය.
කොතලාවල පනතට එරෙහිව ගෙන යන අරගලයට ආණ්ඩුවෙන් එල්ලවන මර්දනය පිළිබඳවත්, සිරගත කර සිටින සිසුජන ක්‍රියාකාරීන්ගේ අවදානම් තත්ත්වය සම්බන්ධවත් එහිදී කරුණු සාකච්ඡා විය. එහිදී පක්ෂ ලේකම්වරයා කියා සිටියේ තමන් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් වූවද කොතලාවල පනතට එරෙහි අරගලයට සහය දුන් බවත්, මර්දන ක්‍රියා පිළිවෙත අනුමත නොකරන බවත්ය. සිසුජන ක්‍රියාකාරීන් රඳවාතබාගැනීම අනීතික බවත්, අනෙකුත් වෘත්තීය සමිති, ශිෂ්‍ය නායකයන් බිය වැද්දීම සඳහා කටයුතු කරමින් ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අනුමත නොකරන බවත්, මර්දනයට එරෙහිව සිදුකරන ක්‍රියාමාර්ග සඳහා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ලැබෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
No comments:
Post a Comment