Sunday, September 19, 2021

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කොතලාවලට බඳවාගන්නෙ ඇයි?

 

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කොතලාවලට බඳවාගන්නෙ ඇයි?

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මගින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය සදහාත් අධ්‍යාපනය මිලිටරීකරණය කිරීම සදහාත් උත්සහ ගනු ලැබුවේ වසංගතයද වසන්තයක් බවට පත් කර ගනිමින්‍ ය. නමුත් එම පනතට එරෙහි දැවැන්ත සමාජ විරෝධයක් මතුවෙද්දී , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවට කොතලාවල විශ්වවිද්‍යාලය පවරා ගනිමින් නැවත වටයකින් අධ්‍යාපනය විකිණීමේ හා මිලිටරිකරණය කිරීමෙ එම ක්‍රියාවලියම ඉදිරියට ගෙන ඒමට උත්සහ දරන ලදී. නමුත් එයින්ද විරෝධතා පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි විය.

කොතලාවල පනත හකුලා ගන්නා ලෙස ජනතාවගේ විරෝධතා මගින් ආණ්ඩුවට බල කරද්දී සිය ප්‍රතිපත්තියට සුජාත බාවය ලබා දීම සදහා ආණ්ඩුව නව වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන තිබෙයි.

2019 කඩයිම් ලකුණු ගැටලුවෙන් සිසුන් පීඩාවට පත්ව සිටියදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයත් ගෙන ගිය අරගලය නිසා සිසුන් 2000කට ආසන්න ප්‍රමාණයකට උසස් අධ්‍යාපන අවස්ථා බිහිවිය. දැන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින්නේ මෙම සිසුන් යොදාගනිමින්, කොතලාවල විශ්වවිද්‍යාලය මගින් ගෙන එන අධ්‍යාපන පෞද්ගලිකකරණය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ඒමටයි. දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල වල ලියාපදිංචි වී සිටින සිසුන්ට පවා කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයන්ට සහභාගි වන ලෙස ලිපි යොමුකර ඇත. ආණ්ඩුව මේ සැරසෙමින් සිටින්නේ පනත සම්මත නොවූවද වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ උත්සහයකය. මෙම උත්සහය ක්‍රියාත්මක වන්නේ කොතලාවල පනතට එරෙහිව මතුවූ විරෝධය නිසා පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම කල්  දැමීමට  ආණ්ඩුවට සිදුව ඇති වටපිටාවකයි. පාර්ලිමේන්තුව තුලදී පනත සම්මත කිරීමට යාමේදී මතුවන ජනතා විරෝධය නිසා ආණ්ඩුව දැන් උත්සාහයන් ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව තුලදී  සම්මත කිරීමකින්  තොරව හොර රහසේ පනතෙහි අඩංගු වගන්ති එකිනෙක  ක්‍රියාත්මක කිරිමටයි. එම නිසා කොතලාවල පෞද්ගලික  විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට ආණ්ඩුවට බල කළ යුතු සේම, හොර රහසේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන පනතෙහි අඩංගු ප්‍රතිසංස්කරණයන් ද ,පනතට  සුජාතභාවය දීම සඳහා ගෙනඑන දෘෂ්ටිවාදී මැදිහත්වීම ද පරාජය කළ යුතුව ඇත

No comments:

Post a Comment