Saturday, December 26, 2020

ආචාර්ය - වෛද්‍ය සංගම්වලින් අන්තරේ සාකච්ඡා ඉල්ලයි!

 

ගෝඨාභය ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ගෙන තිබෙන කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පිළිබඳවත්, මහපොල භාරකාර අරමුදලේ මුදල් කොල්ලකමින් උපාධි කඩ ඉදිකිරීමේ කුමන්ත්‍රණය පිළිබඳවත්, වෛද්‍ය අධ්‍යාපනය විකිණීමේ අරමුණින් වෛද්‍ය සභාවට කෙරෙන දේශපාලන මැදිහත්වීම් සම්බන්ධවත් සාකච්ඡා කිරීමට අ.වි.ශි.බ.ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමඟ සාකච්ඡා ඉල්ලා තිබේ. මේ පිළිබඳව සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන  දැනුවත් කරන බවත්, ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙළ තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති බවත්, එය පරාජය කිරීම සඳහා සියලු බලවේග එක් කරගත් දැවැන්ත මහජන අරගලයක් ගොඩනැගිය යුතු බවත් අ.වි.ශි.බ.ම තවදුරටත් අවධාරණය කරයි.

No comments:

Post a Comment