පෞද්ගලික පාසල් ලෙස පවතින ආයතන තුලද මේ වන විටත් සිසුන්ට අධ්‍යාපනය කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ Online ක්රමවේදයටය.
සිසුන් පාසල් වලට කැදවිමක් නොකරන තත්ත්වයක් තුල පවා මෙම පෞද්ගලික ආයතන වල ගාස්තු අය කිරීමට කටයුතු කර ඇත්තේ ඉතා නින්දා සහගත ලෙසය. මෙහි දැක්වෙන්නේ Royal Institute ආයතනයේ මහරගම ශාඛාව මගින් දෙමාපියන් වෙත යොමු කල ලිපි දෙකකි. ඉන් පලමු ලිපියේ සඳහන්ව ඇත්තේ දෙසැම්බර් මාසය සඳහා වන ගෙවීම වන රු.35,000ක් මුදල ගෙවිය යුතු බවත් ප්‍රමාද විම් සඳහා දඩ මුදල් අය කරන බවත්ය. දෙවන ලිපිය අනුව ජනවාරි මාසයේ ගාස්තු වැඩි කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ජනවාරි මාසය සඳහා රු.41,500 ක මුදලක් ගෙවිය යුත් බවත් එයද ගෙවීමට ප්‍රමාද වන්නේ නම් දඩ මුදල් අය කරන බවත් සඳහන්ය.
පෞද්ගලික පාසල් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පුරසාරමි දොඩවන අය මේ ඇත්ත සගවයි. වසංගත තත්ත්වය හමුවේ පාසල් නොපවත්වන කාලයට පවා ගාස්තු අය කිරීම කෙතරම් යුක්ති සහගතද? Online අධ්‍යාපනය කටයුතු සඳහා අමතර වැය බරක් දැරීමටත් දෙමාපියන්ට සිදුව ඇත්තේ තම ආදායම් මාර්ග පවා අහිමිව තිබියදීය. නමුත් අධ්‍යාපන ආයතන නමින් පවත්වාගෙන යනු ලබන මේ ව්‍යාපාරික ආයතන වල අරමුණ වසංගතය මැද වුවද ලාභ ලැබීමයි.
මෙයින් අපහසුතාවට පත් දෙමාපියන් පැවසුවේ තම දරුවාට පහසුකම් සහිත රජයේ පාසලක් නොලැබීම නිසා මෙම පෞද්ගලික ආයතයනයට ඇතුල් කල බවත් ආදායම් මාර්ග අහිමි වීම නිසා මෙම ගාස්තු ගෙවීම තමන්ට බරපතල පීඩාවක් වී ඇති බවත්ය.
එසේ නම් විසඳුම පෞද්ගලික පාසල් නොවන බව ඉතා පැහැදිලිය. විසඳුම ඇත්තේ රජයේ පාසල් පද්ධතියට පහසුකම් ලබා දීම සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමයි. නමුත් ආණ්ඩුව මෙවර අයවැයෙනුත් අධ්‍යාපනයට ප්‍රතිපාදන කප්පාදු කර ඇත.
No comments:
Post a Comment