Saturday, October 3, 2020

අධ්‍යයන සුබසාධන ගැටලු විසඳන්නැයි නැගෙනහිර සිසුන් උද්ඝෝෂණයක


නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යයන හා සුබසාධන ගැටලු වහා විසඳන ලෙස බල කරමින් නැගෙනහිර සිසුන් විසින් පසුගිය දා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. නව නේවාසිකාගාරවල අවශ්‍යතාව, ආපනශාලා ප්‍රමාණවත් නොවීම, ජලය හිඟවීම, වෛද්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් නොමැතිවීම, ක්‍රීඩා සඳහා පුහුණුකරුවන් හා පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු රැසක් මෙහිදී සඳහන් විනි. මෙම ගැටලු පිළිබඳව මින් පෙර උපකුලපතිවරයා සමඟ සාකච්ඡා කළ ද ඒ සඳහා සාර්ථක ප්‍රතිචාර ලැබී නැත. විශ්වවිද්‍යාලය සතුව ප්‍රතිපාදන අවම බව ඔවුන්ගේ පිළිතුරයි. මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ සිසුන් පෙළන සියලු ගැටලු විසඳන තුරු සටන් වදින බවයි.

උද්ඝෝෂණයේ දී ඉදිරිපත් කර තිබූ සටන් පාඨ

* ස්ථීර නව නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කරනු! පවතින නේවාසිකාගාර තුළ සිසුන්ට ප්‍රමාණවත් පරිදි පහසුකම් පුළුල් කරනු! 

* විශ්වවිද්‍යාල පරිශ්‍රය හා නේවාසිකාගාර තුළ සිසුන්ට ප්‍රමාණවත් පරිදි ආපනශාලා ඉදිකරනු!

* පුහුණුකරුවො නෑ, ප්‍රතිපාදන නෑ, උපකරණ නෑ, ක්‍රීඩා සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනු! 

* ඖෂධ නෑ, ගිලන් රථ නෑ, නේවාසික පහසුකම් නෑ, කාර්යමණ්ඩල නෑ වෛද්‍ය මධ්‍යස්ථානයට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා දෙනු!




























No comments:

Post a Comment