Friday, September 25, 2020

බාහිර නේවාසිකාගාරවල ආරක්ෂාව නෑ! රජරට සිසුන් උද්ඝෝෂණයක...



රජරට විශ්වවිද්‍යාලයේ පවතින බරපතල නේවාසිකාගාර ගැටලු පිළිබඳ විශ්වවිද්‍යාලයේ  පාලනාධිකාරියට වසර ගණනාවක සිට මහා ශිෂ්‍ය සංගමය ලෙස අවස්ථා ගණනාවකදී දැනුවත් කිරීම් කළ ද එයට අදාල ස්ථීර විසදුමක් තවමත් ලැබී නොමැත. එම සෑම අවථාවකදීම නේවාසිකාගාර ගැටලුවට පරිපාලනය විසින් පැලැස්තර විසඳුම්‍ පමණක් යෝජනා කරමින් මෙම ගැටලුව සදහා ස්ථීර විසදුමක් ලබා දීම මඟ හරිමින් සිටී. ඉදිරි දින කිහිපය තුල විශ්වවිද්‍යාලය වෙත තවත් නවක කණ්ඩායම් පැමිණීමට නියමිත අතර ඒ නිසාම සිසු සිසුවියන් බහුතරයකට විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර නේවාසිකාගාර අහිමි වනු ඇත. එහෙයින් එම සිසුන් හට සැලකිය යුතු ගැටලු ප්‍රමාණයකට මුහුණ දීමට සිදු වේ.

බාහිර නේවාසිකාගාර වල ඇති අනාරක්ෂිතභාවය, යටිතල පහසුකම් අවම වීම, ආපනශාලා, කියවීම් ශාලා, පුස්තකාල, පරිගණක විද්‍යාගාර, වෛද්‍ය මධ්‍යස්ථානය භාවිතා කිරීමේදී මුහුණ දීමට සිදුවන අපහසුතා, විහාග, දේශන වලට, පොදු සිසු ක්‍රියාකාරකම් වලට සම්බන්ධවීමේදී අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවීම වැනි ගැටලු ඉන් කිහිපයකි. තව ද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පවතින විශාල පිරිවැයක් බාහිර නේවාසිකාගාර සඳහා කුලිය වශයෙන් ගෙවීමට සිදුවීම ද බරපතල ගැටලුවකි. මේ නිසා මෙම නේවාසිකාගාර ගැටලුවට ඇති එකම විසඳුම විශ්වවිද්‍යාලයේ සිසුන් හට ස්ථීර නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කිරීම පමණි. නමුත් තවදුරත් පාලකයින් මෙම සැබෑ විසඳුම මඟ හරිමින් සිටින අතර ඒ නිසාම සිසුන් හට නේවාසිකාගාර සංකීර්ණයක් දිනා ගැනීම වෙනුවෙන් අරගලයක් අප ඉදිරියේ ඇත.
















No comments:

Post a Comment