Tuesday, September 7, 2021

සිසුජන අරගලයට ජාත්‍යන්තර ශිෂ්‍ය සංවිධාන සහය පල කරයි!

 



කොතලාවල පනතට, මර්දනයට එරෙහි සිසුජන අරගලයට ජාත්‍යන්තර ශිෂ්‍ය සංවිධාන සහය පල කරයි!

 අධ්‍යාපනය විකුණන, මිලිටරිකරණය කරන කොතලාවල පනතට එරෙහිව නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් ගෙන යන අරගලය පිළිබඳවත්, එයට ආණ්ඩුවෙන් එල්ල වී ඇති මිලේච්ඡ මර්දනය පිළිබඳවත් ජාත්‍යන්තර ශිෂ්‍ය සංවිධාන දැනුවත් කිරීමට අ.වි.ශි.බ.ම විසින් කටයුතු කරන ලදී. 

ඒ අනුව සිසුජන අරගලයට සහයෝගය පල කරමින් සමස්ත ඉන්දීය ශිෂ්‍ය බලමණ්ඩලය (AISF) සහ සමස්ත නේපාල ස්වාධීන ශිෂ්‍ය සංවිධානය විසින් නිවේදන නිකුත් කර තිබේ. අධ්‍යාපනය පෞද්ගලිකකරණය හා මිලිටරිකරණයට එකහෙලා විරුද්ධ වන බවත් කොතලාවල පනතට එ⁣රෙහි අරගලයේදී සිරගත කළ සිසුජන ක්‍රියාකාරීන් වහා නිදහස් කළ යුතු බවත් ඔවුන් මෙරට බලධාරීන්ට අවධාරණය කරයි. 

පෞද්ගලිකකරණයට, මිලිටරිකරණයට එරෙහි අරගල මෙරටට පමණක් සීමා නොවන අතර වෙනත් රටවල ශිෂ්‍ය ව්‍යාපාරයන් ද විවිධ ප්‍රවේශයන්ගෙන් එම නවලිබරල් ප්‍රතිපත්තීන්ට එරෙහි අරගලයක නිරතව සිටී. එහෙයින් පාලකයන්ගේ නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව ජාත්‍යන්තර සහයෝගයක් ගොඩනගාගැනීම අත්‍යවශ්‍ය කරුණකි.























No comments:

Post a Comment