කොතලාවල පනතට එරෙහි අරගලයේදී සිරගත කළ සිසුජන ක්රියාකාරීන්ගේ නඩුව අද කඩුවෙල මහේස්ත්රාත් උසාවියේදී කැඳවිණි. පළමුව මෙම නඩුවද ඇතුළුව අද දිනට නියමිතව තිබූ නඩු කිහිපයක් උසාවිය විසින් කල් දමා තිබූ අතර එහෙයින් අපට විශේෂ ඉල්ලීමක් (මෝෂන්) කිරීමට සිදුවිය. නඩුව කැඳවුනේ ඒ අනුවය. නීතීඥවරුන් විසින් ඇප ලබාගැනීම සඳහා ප්රබල කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කළ නමුත් අද දිනයේද ඇප නියම නොකර සිසුජන ක්රියාකාරීන් තවත් දෙසතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කරන ලදී. ඒ අනුව නඩුව එළඹෙන 21 දින නැවත කැඳවීමට නියමිතය. නීතිය ක්රියාත්මක කරන, යුක්තිය පසිඳලන ආයතනවල ක්රියාකාරීත්වය තුළින්ම සිසුජන ක්රියාකාරීන් ආණ්ඩුවේ උවමනාව මත ඇප නොදී සිරගත කරගෙන සිටින බව පැහැදිලිය. බන්ධනාගාරය තුළ දී ඔවුන් කොරෝනා වසංගතයට ගොදුරු කොට ජීවිත අනතුරේ දැමීම ආණ්ඩුවේ අපේක්ෂාවයි. ඇප ලබාදිය හැකි වූවද දිනෙන් දින කරුණු වෙනස් කරමින් දිගින් දිගටම සිසුජන ක්රියාකාරීන් සිරගත කරන්නේ ඒ උවමනාව සහිතවය. මේ වනවිටත් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසුජන ක්රියාකාරීන් 03 දෙනෙකුට බන්ධනාගාරය තුළදී කොවිඩ් ආසාදනය වී ඇත. එහෙයින් ඔවුන්ගේ ජීවිත පිළිබඳව දැඩි අවදානමක් මතුව තිබේ. කෝෂිලා හංසමාලි හා හේෂාන් හර්ෂණ දෙදෙනාටත් කොවිඩ් වැළදීමේ අවදානම වැළැක්විය නොහැකි අතර ඔවුන්ගේ ජීවිත පිළිබඳව පූර්ණ වගකීම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව භාරගත යුතුය.
Tuesday, September 7, 2021
කොතලාවල පනතට එරෙහි වූ සිසුජන ක්‍රියාකාරීන් 21 තෙක් යළි රිමාන්ඩ්!

Subscribe to:
Post Comments (Atom)
-
වත්තල හේකිත්ත ක්‍රිස්තුරාජ විදුහලේ ඉඩම හා ගොඩනැගිලි නිදහස් කරගැනීමට පෙළ ගැසෙමු! වත්තල හේකිත්ත ක්‍රිස්තුරාජ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයට අ...
-
අනුරාධපුර භික්ෂු සරසවියේත් ඉඩම් හා සම්පත් කොල්ලකෑමට ආණ්ඩුව සැරසෙයි. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය සතුව පවතින නන්දන මාවතෙහි පිහිටි ගොඩනැඟිල...
-
2019 අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී බලවත් අසාධාරණයක් සිදුව තිබේ. නව හා පැරණි විෂය නිර්දේශ දෙකක...
No comments:
Post a Comment