Sunday, December 27, 2020

සබරගමුව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී තනතුර විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට



සබරගමුව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී  තනතුර සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත් කිරීමට තීරණය කර ඇත .මෙම පුද්ගලයා ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකි. ලේඛකාධිකාරී තනතුර සඳහා පත් කර ගැනීමේදී සලකා බලනු ලබන මුලික සුදුසුකම් පවා මෙම පුද්ගලයා සපුරා නොමැති බව වාර්තා වේ. එසේම විශ්වවිද්‍යාල පරිපාලන සේවයේ අත්දැකීම් සහිත අයවලුන් සිටියදී එවැනි කිසිඳු අත්දැකීමක් නොමැති හමුදා නිලධාරියෙකු මෙම තනතුර සඳහා පත් කිරීම ගැටළු සහගතය. ඒ අනුව පෙනී යන්නේ මෙම අන් සුදුසුකම් පසෙක තබා ඔහු හමුදා නිලධාරියෙකු වීම හේතුවෙන් මෙම පත් වීම ලබා දී ඇති බවයි. වත්මන් ආණ්ඩුව අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුළු ආයතන ගණනාවක ලේකම්, අධ්‍යක්ෂවරුන් ලෙස විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරනු ලැබීය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පවා මිලිටරිය ශක්‌තිමත් කරමින් සෞඛ්‍ය අංශ වෙනුවට ආරක්ෂක අංශවලට මුලිකත්වය දෙනු ලැබීය.

මීට පෙර විශ්වවිද්‍යාල තුළට රජයේ ඔත්තුකරුවන් යොදා ඇති බවට උපකුලපතිවරුන්ම ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව මෙවැනි පත්වීම් හරහා සිදු කරනු ලබන්නේ නිල නොලත් මට්ටමින් විශ්වවිදයාල තුළට ආරක්ෂක අංශ යෙදවීම නිල මට්ටමින්ම සිදු කර උසස් අධ්‍යාපන ආයතන තුළ පරිපාලන කටයුතු මිලිටරීකරණය කිරීමයි.

No comments:

Post a Comment