රටේ පසුගිය පැවැති උත්සව කාලසිමාවෙන් අනතුරුව මේ මොහොතේ වසංගතය ඇතිවී තත්ත්වයත් සමඟ රෝහල් තුළ තිබෙන පහසුකම් සහ සෞඛ්‍ය අංශයන් තුළ තිබෙන අර්බුදකාරී වටපිටාවත් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අංශය හා අදාල බලධාරීන් විශ්වවිද්‍යාලය තුළ සිසුන් තවදුරටත් රඳවා ගැනීමේ අවදානම පිළිබඳ සලකා ඔවුන් සිය නිවෙස් වෙත නැවත යොමුකිරීමට පෙළඹෙනි.
ප්‍රථමයෙන්ම රජරට වෛද්‍ය පීඨ සහෝදරවරු නිවෙස් වෙත යොමුකරන ලද අතර ඒ අතරම තාක්ෂණ පීඨ අවසන් වසර සහෝදරවරුන් හට ද පීඨ පරිපාලනය ඉහත කී සාකච්චාව මතුකර තිබෙන ලදී. පසුව මෙකී තත්ත්වයත් සමඟ සිසුන් සිය නිවෙස් වෙත යාමට පෙර අවම වශයන් PCR පරීක්ෂණයක් වත් සිදුකළ යුතු යැයී අදාල පීඨයේ සිසුන් හා රජරට මහා ශිෂ්‍ය සංගමයේ යෝජනාව විය. අනතුරුව මැයි මස 01 දින සිසුන් 10 දෙනෙක් සඳහා "රැපිඩ් ඇන්ටිජන්" පරීක්ෂණයක් සිදුකිරිමට මිහින්තලේ MOH පරිශ්‍රයට උදෑසන කැඳවන ලද අතර "රැපිඩ් ඇන්ටිජන්" පරීක්ෂණය සඳහා ගෙනා සෞඛ්‍යය කට්ටල කල් ඉකුත්වී ඇති බව අදාල සෞඛ්‍යය බලධාරීන් මඟින් පසුව දැනගැනීමට හැකිවිය.
මෙසේ සිය "රැපිඩ් ඇන්ටිජන්" පරීක්ෂණයක් සිදු කරගැනීම නොහැකි වූ සිසුන් දිගින් දිගටම සිය පීඨ පරිපාලනය කළ ඉල්ලීම හේතුවෙන් අනුරාධපුර පෞද්ගලික රෝහල "රැපිඩ් ඇන්ටිජන්" පරීක්ෂණයක් සිදු කිරිමට යොමුකරනු ලැබීය. එහි සමස්ථ පරීක්ශන ගාස්තුව ලෙස රුපියල් 80,000කට ආසන්න මිලක් නියම වී ඇත. තවද අදාල මුදල් එකී රජරට තාක්ෂණ පීඨයේ ආචාර්යවරුන්ගෙන් එක් කරගත් මුදලකින් ගෙවන ලද අතර මෙය හුදු හුදෙකලා සිදුවීමක් නොවන බවත් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප මෙකී වසංගතයට ආරම්භයටත් පෙර සිටම සෞඛ්‍ය අංශයට වෙන්විය යුතු ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඉතා පුළුල් සාකච්චාවක් රැගෙන තිබෙන ලදී.
No comments:
Post a Comment