නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ත්‍රිකුණාමලය මණ්ඩපයේ සිසුන් දෙදෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී තිබේ. ත්‍රිකුණාමල මණ්ඩපය විභාග කටයුතු සඳහා ආරම්භ කර තිබෙන අතර මේ වනවිට පිරිමි නේවාසිකාගාරයේ සිසුන් 42ක් සහ කාන්තා නේවාසිකාගාරයෙ සිසුවියන් 132ක් රැඳී සිටියි.
කෝවිඩ් වැළඳුණු පළමු සිසුවා PCR පරීක්ෂණ මගින් ආසාදිත බව තහවුරු වී ඇත්තේ පසුගිය 14 වන දිනය. නමුත් සෞඛ්‍ය බලධාරීන් පැමිණ ඔහු ප්‍රතිකාර සඳහා රැගෙන යන්නේ 15 වන දිනය. එතෙක් ඔහු රැඳී සිටියේ නේවාසිකාගාරය තුළය. PCR පරීක්ෂණ මගින් ආසාදිත දෙවැනි සිසුවා හඳුනාගන්නේ පසුගිය 17 දින වන අතර ඔහු ඊයේ හවස තුන වන තෙක් ඔහු ප්‍රතිකාර සඳහා නේවාසිකාගාරයෙන් රැගෙන ගොස් නැත. පරිපාලනයේ මෙම වගකීම් විරහිත හැසිරීම නිසා දැන් නේවාසිකාගාරයේ සිටින සියලුම සිසුන් පසුවන්නේ දැඩි අවදානමකය.
මින් පෙර (නොවැම්බර් මස) කොවිඩ් ආසාදිත සිසුවියක්ද ත්‍රිකුණාමල මණ්ඩපයෙන් වාර්තා විය. ඇයට කොවිඩ් වැළඳී ඇත්තේ දෙවන වරට වන නිසා බෝ වීමේ අවදානමක් නැති බව සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ. එසේ වූවත් වසංගත අවදානම මණ්ඩපය තුළට ඒ වනවිටත් පැමිණ ඇති බව එයින් තහවුරු විය. නමුත් සිසුන්ට අවශ්‍ය සෞඛ්යාරක්ෂිත පහසුකම් කිසිවක් මේ වනතෙක් ත්‍රිකුණාමලය මණ්ඩපයේ නැත. සිසුන් සිසුවියන් දෙපිරිසම ආහාර ගන්නේ එකම කැන්ටිමකිනි. නේවාසිකාගාරවල වතුර ෆිල්ටර් නැත. විෂබීජ නාශක දියරවත් සිසුන්ට ලබාදෙන්නේ නැත. අවම වශයෙන් මාස ගණනක් වසා දමා තිබූ සරසවිය නැවත විවෘත කරන විට ෆිල්ටර්වල, වැසිකිළි කැසිකිලි තුළ බැඳී තිබූ සෙවලවත් පිරිසිදු කර නැත. කිසිඳු සෞඛ්යාරක්ෂිත සූදානමකින් තොරව සිසුන් නේවාසිකාගාරවලට කැඳවා ඇති බව එයින් පැහැදිලිව පෙනේ.
දැන් කෝවිඩ් අවදානම හේතුවෙන් නැවත සිසුන්ගේ විභාග කටයුතුවලට බාධා පැමිණ තිබේ. විසඳුමක් ලෙස සිසුන් පරිපාලනයෙන් ඉල්ලා ඇත්තේ මධ්‍ය විභාග, නිබන්ධන ආදිය මගින් (CA Mark) ලකුණු 60%කුත්, විභාගය මගින් ලකුණු 40% කුත් ලබා දී විභාග කටයුතු අවසන් කරන ලෙසයි. පවතින ආතති සහගත වටපිටාව තුළ සිසුන්ගේ ඉල්ලීම ඉතා සාධාරණ නමුත් මෙතෙක් පරිපාලනය එයට කන් දී නැත. ඒ හේතුවෙන් වසංගතයට මුහුණ දෙමින් ම දැන් සිසුන්ට විභාග ලියන්නට සිදුව තිබේ.
රටේ සියලුම ආයතන ආරම්භ කර තිබියදී විශ්වවිද්‍යාල පමණක් වසා තැබීම කිසිසේත් තර්ක ගෝචර නොවේ. නමුත් එය කරන්නන් වාලේ නොකර වසංගත තත්ත්වය පිළිබඳ අවදානම රැගෙන නිසි සෞඛ්‍යාරකෂිත වැඩපිළිවෙළක් සමඟ කළ යුතු කටයුත්තකි. එසේ සිසු ජීවිත පිළිබඳ වගකීමක් ගැනීමට පාලකයන් සූදානම් නොවන්නේ නම් මෙවැනි ගැටලු තවත් ඇති විය හැකිය. අවසානයේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව කෝවිඩ් පොකුරු පුපුරා යා හැකිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය හෝ මේ පිළිබඳව කිසිඳු වගකීමක් නොගෙන මඟ හරිමින් සිටියි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් කිසිවක් සිදුවන්නේ නැත. කිසිඳු සෞඛ්යාරක්ෂිත පහසුකමක් නොමැතිව විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් අවසානයේ සිදුවන්නේ සිසුනුත්, සමාජයත් නැවත වසංගත අවදානමකට ඇද දැමීම පමණි. එහෙයින් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන ලෙසත්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකසන ලෙසත් අ.වි.ශි.බ.ම ආණ්ඩුවට අවධාරණය කර සිටී.
No comments:
Post a Comment